History
පාසල් ඉතිහාසයෙන් බිදක්… වර්තමානයේ බප/කැල/ එස්.කේ.කේ.සුරිආරච්චි මධ්‍ය මාහා විද්‍යාලය ලෙසින් අබිසෙස් ලබන මෙම විද්‍යාලය අතීතයේ ගෝනහේන මහා විද්‍යාලය නමින් ප්‍රකටව තිබුණි. 1909 වර්ෂයේ සිංහල පාසලක් වශයෙන් කුඩා අතුපැලක ආරම්භ විය. සූරිගම සිට පැමිණි පීරිස් තිසෙරා මහතා විද්‍යලයේ මුල් ගුරුතුමා විය. 1951 වර්ෂයේ රජයේ මිශ්‍ර පාසලක් බවට පත් වූ අතර 1957 වර්ෂයේ කේ.කේ. කිරිනේරිස් මහතා විසින් අක්කර 2ක භූමිභාගයක් පරිත්‍යාග කර වර්තමාන පාසල පිහිටි ස්ථානයේ ස්ථිර ගොඩනැගිලි දෙකක් ඉදිකර පාසල සංවර්ධනය කරන ලදී. 60 දශකයේ විද්‍යාලීය ශිෂ්‍ය භට ඛලකාය රටේ කීර්තිමත් පාසල් හා ඉදිරියට එමින් විද්‍යාලයට කීර්තියක් ලබා දෙන ලදී. 1961 වර්ෂයේ දී මහා විද්‍යාලයක් බවට පත් වූ මෙම විද්‍යාලයට 1963 වර්ෂයේ ප්‍රාථමික අංශය වෙන් කොට මහා විද්‍යාලය හා ප්‍රාථමික අංශය පාසල් 2ක් වශයෙන් සංවර්ධනය කරන ලදී. මෙම විද්‍යාලය ආරම්භයේදී සවස පාසලක් ලෙස පැවති අතර 1963 වර්ෂයේ ළමුන් 316ක් සිටි අතර ගුරුභවතුන් 16 ක් රාජකාරි කටයුතු කළ බව සදහන් වේ . 70 දශකය මෙම විද්‍යාලයේ ස්වර්ණමය යුගයක් ලෙස හැදින්විය හැක. කර්නල් කේ.පී .ජී .නිලමේ මහතා විදුහල්පති ධුරය හෙබවූ එම කාලය විද්‍යාගාරයක් කෘෂි විද්‍යාගාරයක් සුවිසක් ක්‍රීඩා පිට්ටනියක් ආදී භෞතික සම්පත් මෙන්ම විද්‍යාලයේ දරුවන්ගේ හැකියාවන් වර්ධනය කරමින් වසර 2 කදීම පවුලක අන්දරේ , බින්කුන්ඩෝ යන නාට්‍ය සමස්ත ලංකා හොදම නාට්‍ය ලෙස රටෙහි ප්‍රධාන පාසල් අභිබවා ජයග්‍රහණය කළේය . මේ අයුරින් විවිධ කාලවලදී බොහෝ විදුහල්පතිවරුන් විසින් මුලසුන හෙබවූ මෙම විද්යාලයේ වර්තමාන විදුහල්පති ජගත් දීප්ති ලියනාරච්චි මැතිතුමාගේ නායකත්වය යටතේ විද්‍යාලයේ භෞතික මෙන්ම මානව සම්පත් වර්ධනය කරමින් ,දරුවන්ගේ අධ්‍යාපනය ගුණාත්මක සංවර්ධනයන් ඇති කරමින් දිනෙන් දින දියුණුවට පත්වෙමින් පවතී.



No comments:
Post a Comment