Sunday, August 25, 2019

2019/07/01 වන දින සුහුරු පන්ති කාමරය හඳුන්වා දෙමින් හා එමගින් ප්‍රතිපල නැංවිය හැකි බව පෙන්වා  විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය අ.පො.ස (සා .පෙ.) දරුවන්ගේ දෙමව්පියන් සඳහා කරන ලද වැඩමුළුව සාර්ථක වූ වගයි.




Friday, July 12, 2019

Web Crew

Web Crew

E.H. Dissanayake & her Team

Sports and Games

Sports and Games

Sports Meet 2019 January

News & Celebrity

News & Celebrity


Life at Sooriarachchi

Life at Sooriarachchi

School Staff

School Staff

2018 October
  1. Mr.J.D.Thilakarathna
  2. Mrs. W.G.T.Manike
  3. Mrs.Sandya Peiris
  4. Mrs.Somalatha Wijelath
  5. Mrs. N.S.Jayakodi
  6. Mrs.Amani wijesooriya
  7. Mrs.R.S.C.Thushari
  8. Mrs.Chula Devarathne
  9. Mrs.D.M.E.Dissanayaka
  10. Mrs. Anusha Kularathna
  11. Mrs.G.A.M.Siriwardhana
  12. Mrs.Chandani Dissanayake
  13. Mrs. Harshani Arandara
  14. Mrs. Shalika Haduwala
  15. Rev.B.Sumanarathana
  16. Mrs. A.M.T.Kanchana
  17. Mrs.Ishara Sachindika
  18. Mrs.G.G.P.Malkanthi
  19. Mrs.K.A.P.W.Kaluarachchi
  20. Mrs.D.G.W.G.P.Wijesooriya
  21. Mrs. K.A.S.Dedunu
  22. Mr. R.M.C.J.S.Kumara
  23. Mrs.A.S.Athukorala
  24. Mrs.Sandamali Perera
  25. Mrs. Yamuna Hettiarchchi
  26. Mr.Gnasiri
  27. Mrs. Udari Munasinghe
  28. Mrs. H.H.L.Kumudini
  29. Mrs.E.H.Dissanayake
  30. Mrs. P.W.N.N.Nishanka
  31. Mrs. C.N.Egodawaththa
  32. Mrs.W.A.D.D.S.B.Manike
  33. Mrs.S.W. Ranaweera

Voice of Principal

විදුහල්පතිතුමාගේ පණිවිඩය

කුඩා කල සිට සුරිආරච්චි විදුමැණි තුරුළේ ශිල්ප ශාස්ත්‍ර හදාරා පසුව මෙම විද්‍යාලයේම අප ගුරුවරයෙක් ලෙස සේවය කරමින් ගරු භුමිකාවක් වු ගුරු භුමිකාවෙන් පන්නරය ලබමින් 2008 වසරේ අප්‍රේල් මස 25 වන දින විදුහල්පති ධුරයේ වැඩ භාර ගතීමි. පැවති ශිෂ්‍ය සංඛ්‍යාව වු 326 වර්තමානය වන විට 835 දක්වා ඉහළ නැංවිමට හැකිවීම මා ලද ප්‍රබල ජයග්‍රහණයක් බව කිව යුතුය.
පාසල භෞතික හා මානව සම්පත් දෙඅංශයෙන්ම ඉහළ තත්ත්වයකට මේ වන විට පමුණුවා ඇත. වසර 17කට පසුව 2011 වසරේ සිට අප විද්‍යාලය මගින් විශ්වවිද්‍යාල වෙත සිසුන් යොමුකර ඇත. වර්තමානය වන විට සමස්ත විශ්ව විද්‍යාපල පද්ධතියම ආවරණය වන පරිදි සිසුන් විහ්ව විද්‍යාල වෙත සමත් කරවිමේ ප්‍රතිශතය ඉහළ මට්ටමකට පත්ව ඇත.
සිසු-ගුරු අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලය අතර මනා සුසංයෝගයක් පවතින අතර එය පාසලේ ඉදිරි ගමනට මනා පිටිවහලකි. පාසල තුළ සුබසාධන කටයුතු, තුර්ය වාදක, පරිසරභට, සෞඛ්‍යදාන, මාධ්‍යකව, සංගීත,නැටුම්,චිත්‍ර ආදි සෞන්දර්යය අංශ මගින් ඉහළ ජයග්‍රහණ පාසල වෙත අත්පත් කර දි ඇත.
2009 වර්ෂයේ ඉසුරු පාසල් ව්‍යාපෘතියට පාසල ඇතුලත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නව තෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල 2014 වර්ෂයේ සිසු අයිතියට පත් කරන ලදි.
2015 වසරේ ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතියට පාසල ඇතුළත් විමේ ප්‍රතිඵලයක් ලෙස නව තාක්ෂණාගාරය අද දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් සිසු අයිතියට පත් කරන වගයි.
පෙර මග සුබ නිමිති දකිමින් පෙර ගමන් යන සුරිආරච්චි විදු මව්නි චිරං ජයතු!

ශාස්ත්‍රපති ජේ.ඩි. ලියනආරච්චි

Administration


Administration

SCHOOL MANAGEMENT BOARD


  1. PRINCIPAL – MR. J.D.LIYANARACHCHI
  2. VICE PRINCIPAL – MRS. B.M.S.H.BANNAHAKA
  3. ASSISTANT PRINCIPAL – J.D.THILAKARATHNA

Our School

Our School

S.K.K.Sooriarachchi Secondary School, Kadawatha is considered as the icon of its residential area Gonahena. Gonahena is a small , beautiful village though it was close to Colombo, the commercial hub of Sri Lanka. Children in the area are genuine, energetic and muti-talented and the school provide them a good opportunity to sharpen their talents. The school guide them toward the success like a mother. Day by day our mother school shines her name all over the area.

About 1000 students are having secondary and senior education from mother Sooriarachchi with well facilitated academic resources. Our vision is to cosign a well educated and well mannered child to the nation. For that she excels in both the fields of academic and extra curricular.

As a school which perform outstanding dignity in the area, our school has achieved a recognizable platform during a short period of time. Our dear students are resemble with both educational and social pride. The way of our success was not an easy task,there were many obstacles congesting our way. With the help of the teachers, parents along with students combined with physical resources we accomplish our zenith of success. As a school which is started on behalf of the name of a strong and great personality of our area Mr. S.K.K.Sooriarachchi we owe an oath to provide educated, courageous and virtuous students with outstanding personality to the society.

History

පාසල් ඉතිහාසයෙන් බිදක්… වර්තමානයේ බප/කැල/ එස්.කේ.කේ.සුරිආරච්චි ම‍ධ්‍ය මාහා විද්‍යාලය ලෙසින් අබිසෙස් ලබන මෙම විද්‍යාලය අතීතයේ ගෝනහේන මහා විද්‍යාලය නමින් ප්‍රකටව තිබුණි. 1909 වර්ෂයේ සිංහල පාසලක් වශයෙන් කුඩා අතුපැලක ආරම්භ විය. සූරිගම සිට පැමිණි පීරිස් තිසෙරා මහතා විද්‍යලයේ මුල් ගුරුතුමා විය. 1951 වර්ෂයේ රජයේ මිශ්‍ර පාසලක් බවට පත් වූ අතර 1957 වර්ෂයේ කේ.කේ. කිරිනේරිස් මහතා විසින් අක්කර 2ක භූමිභාගයක් පරිත්‍යාග කර වර්තමාන පාසල පිහිටි ස්ථානයේ ස්ථිර ගොඩනැගිලි දෙකක් ඉදිකර පාසල සංවර්ධනය කරන ලදී. 60 දශකයේ විද්‍යාලීය ශිෂ්‍ය භට ඛලකා‍ය රටේ කීර්තිමත් පාසල් හා ඉදිරියට එමින් විද්‍යාලයට කීර්තියක් ලබා දෙන ලදී. 1961 වර්ෂයේ දී මහා විද්‍යාලයක් බවට පත් වූ මෙම විද්‍යාලයට 1963 වර්ෂයේ ප්‍රාථමික අංශය වෙන් කොට මහා විද්‍යාලය හා ප්‍රාථමික අංශය පාසල් 2ක් වශයෙන් සංවර්ධනය කරන ලදී. මෙම විද්‍යාලය ආරම්භයේදී සවස පාසලක් ලෙස පැවති අතර 1963 වර්ෂයේ ළමුන් 316ක් සිටි අතර ගුරුභවතුන් 16 ක් රාජකාරි කටයුතු කළ බව සදහන් වේ . 70 දශකය මෙම විද්‍යාලයේ ස්වර්ණමය යුගයක් ලෙස හැදින්විය හැක. කර්නල් කේ.පී .ජී .නිලමේ මහතා විදුහල්පති ධුරය හෙබවූ එම කාලය විද්‍යාගාරයක් කෘෂි විද්‍යාගාරයක් සුවිසක් ක්‍රීඩා පිට්ටනියක් ආදී භෞතික සම්පත් මෙන්ම විද්‍යාලයේ දරුවන්ගේ හැකියාවන් වර්ධනය කරමින් වසර 2 කදීම පවුලක අන්දරේ , බින්කුන්ඩෝ යන නාට්‍ය සමස්ත ලංකා හොදම නාට්‍ය ලෙස රටෙහි ප්‍රධාන පාසල් අභිබවා ජයග්‍රහණය කළේය . මේ අයුරින් විවිධ කාලවලදී බොහෝ විදුහල්පතිවරුන් විසින් මුලසුන හෙබවූ මෙම විද්යාලයේ වර්තමාන විදුහල්පති ජගත් දීප්ති ලියනාරච්චි මැතිතුමාගේ නායකත්වය යටතේ විද්‍යාලයේ භෞතික මෙන්ම මානව සම්පත් වර්ධනය කරමින් ,දරුවන්ගේ අධ්‍යාපනය ගුණාත්මක සංවර්ධනයන් ඇති කරමින් දිනෙන් දින දියුණුවට පත්වෙමින් පවතී.

2019/07/01 වන දින සුහුරු පන්ති කාමරය හඳුන්වා දෙමින් හා එමගින් ප්‍රතිපල නැංවිය හැකි බව පෙන්වා  විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය අ.පො.ස (සා .ප...